වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
පූසා විසින් නොසලකා හරින ලද ආලියා

ආලියා භාත් පසුගිය කාලයේ බොලිවුඩයේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ නිළියක්. වෘත්තීය ජීවිතයේ චිත්‍රපට ජයග්‍රහණ සේම පෞද්ගලික ජීවිතයේ විවාහය, මව් පදවිය ලැබීම සමඟ බොහෝ දෙනාගේ අවධානය ඇය වෙත යොමුවී ඇති බව දක්නට ලැබුණි. ආලියා සහ රන්බීර් විවාහ වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කපූර් නිවසේ දීය. ආලියා ඔවුන්ගේ දියණියගේ උපත නොවැම්බර් 06 වැනිදා ප්‍රකාශයට පත් කර තිබුණි.
මේ දිනවල ඇය වැඩි කාලයක් ගත කරන්නේ සැමියා රන්බීර් සහ දියණිය රාහා සමඟින්. මෑතකදී ආලියා සහ රන්බීර් මුම්බායි හි ඔවුන්ගේ නිවෙසෙන් පිටත ඔවුන් දියණිය රාහා සමඟ ඇවිදීමට යන අයුරු දක්නට ලැබුණි. ආලියාගේ ජීවිතයේ තවත් සුවිශේෂ අයෙකු සිටින බව ඇයගේ රසික රසිකාවන් හට නම් නොරහසකි. ඒ ඇයගේ බළල් සුරතලා එඩ්වඩ්. පසුගිය ඉරිදා ඇය තම බළල් සුරතලා සමඟ ගත් ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටග්රම් ගිණුමය එක් කළාය. "බළලා විසින් නොසලකා හරින ලද විශිෂ්ට ඉරිදාවක්" ඇය ඒ සමඟ සටහන් කළාය. එම ඡායාරූප සියල්ලේම බළල් සුරතලා එඩ්වඩ් ආලියා දෙස නොබලා සිටින අයුරු දැකගත හැකි විය.
ආලියා අවසන් වරට පෙනී සිටියේ රන්බීර් සමඟින් අයාන් මුකර්ජිගේ බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ ය. ගාල් ගැඩොට් සහ ජේමි ඩෝර්නන් රංගනයෙන් දායක වන හාට් ඔෆ් ස්ටෝන් චිත්‍රපටය සමඟින් ඇය ළඟදීම හොලිවුඩයට පිවිසීමට නියමිතය