වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
36 වැනි හැනෝයි සිනමා උලෙළ නියෝජනයට රංජනී රත්නවිභූෂණ

රංජනී රත්නවිභූෂණ මහත්මිය 6 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උලෙළේ ජූරිය නියෝජනය කළාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන ගෞරව උපාධිධාරිනියක වන රංජනී රත්න විභූෂණ සිනමා ලේඛිකාවක සිනමා හා ටෙලි නාට්‍යය ජූරි සභිකාවක හා චිත්‍රපට සංගම් ක්‍රියාකාරිනියක ද ලෙස කටයුතු කරයි. ඇය ආසියානු සිනමා කේන්ද්‍රයේ ලේකම්වරිය ලෙසද, නෙට්පැක් ආසියා ෆැසිපික් සිනමාව ප්‍රවර්ධනය සඳහා වූ ජාලයේ Network for the promotion of Asia Pacific cinema (NETPAC) උපදේශක කමිටු සාමාජිකාවක් වශයෙන් ද කටයුතු කරයි. අන්තර්ජාතික චිත්‍රපට සමිති සම්මේලනයේ හා අන්තර්ජාතික සිනමා විචාරක සංගමයේ ද සාමාජිකත්වය ද දරන ඇය ලොකාර්නෝ, වෙසුල්, බැංකොක්, ජොන්ජු, බූසාන්, ඩකා, බැංගලූර්, කොල්කටා ඇතුළු අන්තර්ජාතික සිනමා ජූරි සභාවන්හිද, හිරු ඕ.සී.අයි.සී සංස්කෘතික සම්මාන ආදී දේශීය සම්මාන උලෙළයන් හි ද ජූරිය නියෝජනය කර ඇත. රංජනී රත්න විභූෂණ අන්තර්ජාතික හා දේශීය වශයෙන් සිනමා ක්ෂේත්රයට සුවිශේෂී ලෙස දායක වන්නියකි.