වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
‘ප්‍රාණ’ විද්වත් සිනමා කතිකාව

සමාජීය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකයේ පූර්ණ අනුග්‍රහයෙන් වසර දෙකක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ගොස් පසුව කොවිඩ් හා ආර්ථික අර්බුදය හමුවේ නවතා දමා තිබූ විද්වත් සිනමා කතිකාව නැවතත් ආරම්භ කිරීමට එහි සංවිධායකයන් කටයුතු සම්පාදනය කර ඇත. ලංකාවේ දේශීය සිනමාව වෙනුවෙන් අඛණ්ඩව සංවිධානය වන සිනමා කතිකාව වන ‘‘මාසික විද්වත් සිනමා කතිකාවේ මෙවර ‘‘ප්‍රාණ’’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් කතිකාවක් මෙම මස 28 වැනි දින සවස 01.00 ට (චිත්‍රපට ප්‍රදර්ශනයද සමඟ) මරදාන ඩීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එදින
සිනමා විචාරක ගරු සිරිල් ගාමිණී පියතුමා, සිනමා විචාරක තුසිත ජයසුන්දර, සිනමා විචාරක අජිත් ගලප්පත්ති, සිනමා විචාරක භූපති නලින්, සිනමා විචාරක තිළිණ අලහකෝන් දේශන පවත්වනු ලබති.