‘ගජමෑන්’ දින 4ක දී ආදායම ලක්ෂ 150 යි

ජනවාරි 26, 2023

චානක පෙරේරා අධ්‍යක්ෂණය කළ චාමික ජනදාස සහ ජෝන් ෆොන්සේකා නිෂ්පාදනය කළ 70 දශකයේ මෙරට පුවත්පත් කලාවේ අතිශය ජනප්‍රිය හා ප්‍රබල කාටූන් චරිතයක් වූ ප්‍රවීණ කාටුන් චිත්‍ර ශිල්පි කැමිලස් පෙරේරාගේ තෙලිතුඩින් අදින ලද ගජමෑන් ඇතුළුව මෙරට පාඨකයන් හමුවේ තබන ලද අතිශය ආකර්ෂණීය හා හාස්‍යජනක කාටුන් චරිත සමූහයක් මූලික කොට ගනිමින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට තිරගතවන ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ සිනමා නිර්මාණය ගජමෑන් චිත්‍රපටය දින හතරක් ඇතුළත ලක්ෂ එකසිය පනහක් සිනමාහල් 24ක ප්‍රදර්ශනය කරමින් ආදායම් වාර්තා පිහිටුවා ඇත.