සිනමාවට 76යි චිත්‍රපට සංස්ථාවට 51යි කල්ගිය උලෙළ අද

ජනවාරි 26, 2023

 

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 76ක් සපිරීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 51 පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උලෙළ අද (26) දින ප.ව 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහි ප්‍රධාන දෙසුම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන්ත හේරත් විසින් පවත්වනු ලැබේ. නිල උත්සවය ආරාධිතයින්ට පමණක් සීමා වන අතර ප.ව 5.30ට විශේෂ සිනමා දර්ශනය ප්‍රේක්ෂක සියලු දෙනාටම විවෘත වේ. පසුගිය 21 වැනිදා පැවැත්වීමට නියමිත වූ මේ උත්සවය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය නිසා 26 දා ට කල් ගියේය.