සිනමා කිවිඳියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී

ජනවාරි 26, 2023

කෘතහස්ත සිනමා කිවිඳිය ආචාර්ය සුමිත්‍රා පීරිස් මැතිනියගේ අවසන් කටයුතු පසුගිය 21 වැනි දින රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරිණි. එතුමියගේ දේහය පස්වරු 3:30 ට ජාතික චිත්‍රපට සංස්ථාව ඉදිරිපිට දී සිනමා ශිල්පීන් විසින් භාර ගැනීමෙන් පසු සම්භාවනීය කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ චිතකය වෙත ගෙන යනු ලැබීය. ඉන් අනතුරුව ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු අවසන් කටයුතු සිදු කෙරිණි.