වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
ඉදිරි පුරපුර වෙනුවෙන්
ජනවාරි 19, 2023

පසුගිය දිනෙක සිනමාවේ සටන් නළුවන් තිදෙනකු හමු වුණා. ඒ ඔවුන්ගේ ළඟම හිතවතකුගේ සාදයකට පැමිණි මොහොතේ. තිලක් ජයවීර, ටෙඩී විද්‍යාලංකාර සහ ටිරෝන් මයිකල් ඒ සටන් නළුවන්. දිගු කලකට පසු හමු වූ මිත්‍රයන් තිදෙනාගේ කතාබහට ලක් වුණේ,
“එදා සිනමාවේ හිටිය ප්‍රවීණ අය දැන් ටිකෙන් ටික අඩු වී ගෙන යන කාලයක, සිනමාව වෙනුවෙන් අපි ඉතුරු වෙලා ඉන්න ටිකදෙනා හරි යම් දෙයක් කරන්නට ඕනෑ.
අපි තිදෙනාම ඉගෙන ගත්ත දේවල් අපි යනවිට රැගෙන යන්නේ නෑ. අපි ඒ සියලු දේවල් අනාගත පරම්පරාවට බාරදෙමු.”
එය ඇසුණු අනෙක් අය ඔවුන් තිදෙනාට උණුසුම් සුබ පැතුම් එක් කළා.