පිය ගී රකින්නී

ජනවාරි 19, 2023

 

ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ බාල දියණිය කීර්තිකා නීලියා සහ චිත්‍රාංගි පසුගිය දිනෙක යෙහෙළියකගේ සාදයකට පැමිණ සිටියා. එහි කතා නායිකාව කීර්තිකා සහ චිත්‍රාංගනී හඳුන්වා දුන්නේ, ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ දුවලා කියමින්. පැමිණ සිටි බොහෝ දෙනා දියණියන් දැකලා තිබුණේ නෑ. ඒ නිසා පසුගිය දිනෙක කිර්තිකා ඇගේ වට්ස්ඇප්හි මෙවැනි සටහනක් තබා තිබුණා.

“පියාගේ ගීත මා නොකීවද මගේ සහෝදරයා ඒ ගීත ගායනා කරනවා. පියා වෙනුවෙන් මා ගීත සංරක්ෂණය කරනවා. ඒ අනාගත පරම්පරාව වෙනුවෙන්.” මේ එහි තිබූ සටහනකි.

 

1. Nalagana / නළඟන තිරගත වු දිනය : 1960-07-17

(ගිලුනා සෝක ගඟේ Giluna Soka Gange))

ගායනය - ආර්. මුත්තුසාමි මාස්ටර්.

පද රචනය - ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු.

 

2. Sasaraka Heti  / සසරක හැටි

තිරගත වු දිනය : 1964-10-22

මගේ දෑසම පියවී ඉන්නේ

(Mage Desama Piayawi Inne- මගේ දෑසම පියවී ඉන්නෙ

ගායනය - ආර්. මුත්තුසාමි මාස්ටර්.

පද රචනය - කරුණාරත්න අබේසේකර,

 

3. චිත්‍රපටය / සිතක මහිම

තිරගත වු දිනය : 1964-11-20

මධුර යාමේ සුවදේ සාමේ

ගායනය - ආර්. මුත්තුසාමි මාස්ටර් සමඟ

සුජාතා අත්තනායක.

පද රචනය- කරුණාරත්න අබේසේකර

 

මාගේ මවගේ නම - නීලියා මුත්තුසාමි

අයියාගේ නම - මොහාන් රාජ්

අක්කාගේ නම- චිත්‍රාංගි

මගේ නම- කීර්තිකා නීලියා ලෙසිනි.