වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
පිය සෙනෙහස

මේ සුන්දර කතාවේ ඡායාරූප පෙළ ගැසෙන්නේ පසුගිය දිනෙක ආචාර්ය දයාරත්න රණතුංගයන් සහ ඔහුගේ දියණිය රූපශිඛාගේ සෙනෙහස උතුරා යාම නිසා වෙනි. අම්මාගේ සෙනෙහසට නොදෙවැනි පිය සෙනෙහස ඇයට ලැබුණු බව මේ ඡායාරූපයෙන් මොනවට පසක් වෙයි. දයාරත්න රණතුංග සිය රූපශිඛා දියණිය නිසා අද සතුටින් ජීවිතය ගත කරන්නේය. මව (මහාචාර්ය අමරා රණතුංග) සහ පියා ගැයූ ගීත මතු පරම්පරා වෙනුවෙන් ඉදිරියට ගෙන යන්න ඉන්න ආදරණීය දෝණිය රූපශිඛා බවයි දයාරත්න රණතුංග ප්‍රකාශ කරන්නේ. වෘත්තියෙන් සෞන්දර්ය ගුරුවරියක වන ඇය සරස්වතී දේවියගේ බැල්මෙන් දහසක් ළමුන්ගේ ඇස් පාදන්නේ මවගේ සහ පියාගේ මතු බලාපොරොත්තුව ද ඉෂ්ට කරනු වස්ය.