සුන්දර මිනිසා

ජනවාරි 19, 2023

හැටේ දශකයේ කලාකරුවන් අතර සුන්දර මිනිසකු ලෙස ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන හඳුන්වයි. පසුගිය දිනෙක හැටේ දශකයේ කලාකරුවන් අගයමින් සම්මාන ප්‍රදානයක් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. 1972 වර්ෂයේ ධම්ම ජාගොඩගේ ‘මූදු පුත්තු’ නාට්‍යයෙන් ප්‍රේක්ෂක සිත් සතන් මුල්වරට ඇද බැඳ ගත් සුමින්ද සිරිසේනට එදා තරම් සතුටු දවසක් තිබුණේ නැත. සම්මානය ගැනීමට සුමින්ද සිරිසේනගේ පුතු සිය පියා රෝද පුටුවෙන් වේදිකාවට රැගෙන එන විට පසෙකින් සිටි අයගේ දෑස්වලට කඳුළු ඉනුවා. එදා ඔහු සමඟ රංග ශිල්ප ශාලිකාවේ රංගනය හැදෑරූ ප්‍රවීණ රංගවේදී, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, සුමින්ද සිරිසේන සම්මානය රැගෙන එන විට වෙනදාට වඩා සතුටු කඳුළු හෙළමින් ඔහුගේ දෑත් අල්ලාගෙන කිසිවක් තෙපලීමට නොහැකිව බලා සිටියේ කාටත් සිතන්න යමක් ඉතිරි කරමිනුයි.