අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය

ජනවාරි 19, 2023

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් හෝල් සහ එල්ෆින්ස්ටන් නාට්‍ය උලෙළ ජනවාරි 9 වැනිදා සිට ඇරැඹිණි. එය එළැඹෙන 24 වැනි දින දක්වා පැවැත්වේ.

19 අද දින සිට 24 වැනි අවසන් දින දක්වා පැවැත්වෙන නාට්‍ය පිළිවෙළින් මෙසේය. ප.ව. 03.30 සහ 6.30 දැන්වීම් ඇලවීම තහනම්, බෝනික්කි ගෙදර 2, දෙව්ලෝව දෝණි, හිතට වැටුණු මිසයිල,මකරෙක් ඇවිත්, එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත කෙරේ. ඒ දිනයන්හිම ප.ව. 3.30 හා ප.ව. 6.30 ටවර් රඟහලේදී, සූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා, ප්‍රේමයේ නගරයද, 22, 23 දින කෙටි නාට්‍ය ලෙස පොත්ගුල, Please listen to me ගමනක් යන්, නයිට් ඩියුටි, ප්‍රේම් කවි නළුවා, කිරි අම්මා අවතාරය, ධර්මිෂ්ඨ සමාජයක්, ආණ්ඩුවේ රස්සාවක් වේදිකා ගත වේ. අවසන් දිනය වන 24 වැනි දින හත්පෙති මල වේදිකාගත කිරිමෙන් අපේක්ෂාවේ වේදිකා නාට්‍ය මංගල්‍යය අවසන් වේ.