වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
රංජිත් කුරුප්පුගෙන් ධවල ගිම්හානය

ශ්‍රී ලංකාවේ අලෙවි වාර්තා පිහිටු වූ ‘කාන්තාරයේ කුසුම’ පරිවර්තනය කළ රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කරන ලද (Andre Brink »[‰ “A Dry white Season”) ‘ධවල ගිම්හානය’ නමින් සුරස ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. මීට පෙර මරණයේ දොරටුව, යුද්ධයේ අතුරු කතාවක්, හිට්ලර්ගේ අවසානය, කාන්තාරයේ දරුවෝ, ගිනි මැද සක්මන, ගිම්හාන ගීතය, සාතන්ගේ දියණියෝ, දෑත යොමා අහස දෙසා, පේ‍්‍රම සැඳෑවෝ (1 සිට 6 දක්වා) හා ‘මගියා’ නවකතාව ලියූ රංජිත් කුරුප්පු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා තිරනාටක රචකයකු ද වෙයි. 1994 තිරගත වූ ‘පවන රළු විය’ අධ්‍යක්ෂණය කළ ඔහුට 1995 සරසවිය සම්මාන උලෙළේ දී හොඳම තිර නාටක රචකට හිමි සම්මානය දිනා ගත්තේය.