‘අසීමාන්තය’ යමුනා මාලිනිගේ අලුත්ම නවකතාව

ජනවාරි 19, 2023

ප්‍රවීණ ගේය පද රචිකාවක් වූ යමුනා මාලිනි පෙරේරා ගේ අලුත්ම නවකතාව ‘අසීමාන්තය’ දැන් සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. මීට පෙර නවකථා 18ක් ද කෙටි කතා සංග්‍රහ 6ක් ද කාව්‍ය කෘති 15ක් ද ගීත සාහිත්‍ය කෘති 8ක් ද යොවුන් සාහිත්‍ය කෘති 5ක් ද, ළමා සාහිත්‍ය කෘති 4ක් ද ලිපි එකතු 9ක් ද රචනා කළ යමුනා 1993 දී ලියූ ‘තිත්ත මකරන්දය’ කාව්‍ය කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත්තාය. ඇගේ කෘති කිහිපයක්ම එහිදී නිර්දේශීත විය.

යමුනා ගේ ‘අසීමාන්තය’ නවකතාවේ එක් උධෘතයක් මෙසේය.

‘දැවන්තයෙකු සේ කවුදෝ අම්බලමෙන් මා ගෙන ගොස් පර තෙර ළඟ මා රඳවයි. ඔහු නවතියි, නවතින ලෙස මටත් කියයි දැවැන්තයකුගේ වේශය තවමත් ගනු බැරි මා සිත සමනල පැටියකු වාගේ මලින් මලට අඩි තිය තිය තේරුම ගනු බැරි කිසිවක් තවම සොයයි. ඇවිදියි...!