වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
කථානාද සිනමාවට 76 යි චිත්‍රපට සංස්ථාවට 51යි
ජනවාරි 19, 2023
ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 76ක් සපිරීම හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 51ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උලෙළ හෙට (20) ප.ව 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ ‘තරංගනී’ සිනමා ශාලාවේදී ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එහි ප්‍රධාන දෙසුම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන්ත හේරත් විසින් පවත්වනු ලැබේ. නිල උත්සවය ආරාධිතයන්ට පමණක් සීමා වන අතර ප.ව 5.30ට විශේෂ සිනමා දර්ශනය සඳහා ප්‍රේක්ෂක සියලු දෙනාටම විවෘත වේ.