වන සතුන් සමඟ නව වසර

ජනවාරි 12, 2023

නව වසරකට පිවිසීම සමඟ ලොවපුරා සෑම පුද්ගලයෙකුම පාහේ තම ඉදිරි සැලසුම් සකස් කරමින් කාර්ය බහුල වේ. බොහොමයක් බොලිවුඩ් තරුද නව වසර පිළිගත්තේ තම පවුල්වල ඔවුන්ගේ ආදරණීයයන් සමඟ එක්වෙමිනි. මේ අතර ගහකොළ සතා සිව්පාවුන් නරඹමින් විවේකීව නව වසර පිළිගත් බොලිවුඩ් තරු ද විය.

මෑතකදී, වරුන් ධවාන් ඔහුගේ බිරිඳ නටාෂා දලාල් සමඟ ඔහුගේ නව වසර ආරම්භයේ නිවාඩුව සඳහා මුම්බායි ගුවන් තොටුපළට පිවිසියේ නිවාඩුව වෙනුවෙන් නිස්කලංක ස්ථානයකට පිවිසීමේ අරමුණෙනි. ඊළඟ දිනයේදී ඔහුගේ ඉන්ස්ටග්‍රම් ගිණුමේ දක්නට ලැබුණේ ඔවුන් වන ජීවීන් නරඹමින් සිටින වීඩියෝවකි. කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් ද වන සතුන්ට කැමැත්තක් දක්වන තවත් තරු යුවළකි. නව වසරේ ආරම්භය ඔවුන් ගත කළේ රාජස්ථානයේ වනගත පෙදෙසකය.