වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
උස නිසා ගුටි

අමිතාබ් බච්චන් හෙවත් බිග් බී බොලිවුඩයේ සුපිරි තරුවක් ලෙසින් දශක ගණනාවක් තිස්සේ සිනමාපට හැඩ කරමින් රසික හදවත්වල කොටසක් වී සිටී. ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ තරුවක වුවද බොහෝ විට තම සිතුවිලි සහ හැඟීම් සමාජ මාධ්‍ය ඔස්සේ ආදරණීය රසික රසිකාවන් සමඟ බෙදාගැනීම ඔහුට සාමාන්‍ය කටයුත්තකි.
මෑතකදි සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකදී අමිතාබ් ශිෂ්‍යයකු ලෙස උසින් සිටීමේ අසීරුතා ගැන කතා කළේය. ඔහු එලෙස කතා කිරීමට හේතු වූයේ එම ප්‍රසංගයට පැමිණි කුඩා දැරියක ඇගේ උස අඩු බව ගැන කනස්සලු වීමයි. ඒ වෙනුවෙන් අමිතාබ් ඔහුගේ පාසල් කාලයේ මතකයක් සිහිපත් කළේය. "අපේ පාසලේ සිසුන්ට බොක්සිං ක්‍රීඩාව අනිවාර්ය වුණා. මගේ උස නිසා මාව ඇතුළත් කළේ ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවට. වයසින් අඩු වුණත් උසින් වැඩි නිසාම ඉස්සර මම හොඳටම ගුටි කෑවා" බිග් බී පැවසීය.