අලුත් අවුරුද්දේ බලාපොරොත්තු

ජනවාරි 12, 2023

කරීනා කපූර් ඛාන් බොලිවුඩයේ දැවැන්තම තරු පවුල වන ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් පැවත එන පරපුරේ තරුවකි. චිත්‍රපට ක්‍ෂේත්‍රයේ දශක දෙකක් ගත කළ කරීනා කපූර් ඛාන් තරු ගුණයෙන් ඉහළින්ම සිටින්නියකි. ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන් සමඟ විවාහයෙන් ඇය මේ වන විට පුතුන් දෙදෙනෙකුට ආදරණීය මවකි.

පසුගිය වසරේ ලාල් සිං චද්දා චිත්‍රපටයෙන් පසු ඇය ඉදිරි සිනමා නිර්මාණ තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. එයට සුවිශේෂ හේතුවක් වේ. එනම් තම පවුල වෙනුවෙන් විශේෂ ලෙස කාලය වෙන් කිරීමයි. සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නව වසරේදී රැකියාව සහ නිවස අතර සමබරතාවයක් සොයා ගැනීමට තමා කැමති බව ඇය පැවසුවාය. එහිදී තම දෙමාපියන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය. කරීනා මේ දිනවල සැමියා සයිෆ් සහ ඇගේ පුතුන් දෙදෙනා වන ජෙහාන්ගීර් සහ තයිමූර් සමඟ ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කරන්නීය.