වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ශ්‍රීමත් නොකියන ඉලක්කම

ශ්‍රීමත් ඉන්ද්‍රජිත්ගේ උපන්දිනය පසුගියදා නුගේගොඩ සංහිඳ උත්සව ශාලාවේදී ජයටම සමරා තිබුණා. මීට කලාකරුවන් ඇතුළු ඔහුගේ හිතවතුන් රැසක් සභාගී වූ බවයි දැනගන්නට ලැබෙන්නේ. රාත්‍රී 7.00ට පමණ පටන් ගත්ත සාදය පසුදින උදැසන තෙක් පැවැත්වුවා කියලයි ආරංචි. වෙනදා පවත්වන උපන්දිනවලට වැඩිය වෙනසක් මෙවර ශ්‍රීමත්ගේ උපන් දිනයේ දී දක්නට ලැබී තිබෙනවා. පැමිණ සිටි අය ගැයුම්, වැයුම් මැද ශ්‍රීමත් ඉපදුණ වෙලාවටම සුබ පතන්න කේක් කැපූ බවත් ආරංචියි. ඒ වගේම “ආනන්දනීය සිංහල සිනමා සංසදය” ද විශේෂ සමරු තිළිණයක් ද පිරිනමා තිබෙනවා. එදා ඉන්ද්‍රජිත්ගේ උසට හරියන්න තෑගිබෝග ද ලැබී තිබුණා කියලයි දැනගන්න ලැබෙන්නේ.