වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
නව කතෝලික බැතිමතියක්

රංගන ශිල්පිනී, නෙරන්ජලී ශන්මුගරාජා පසුගිය වසර කිහිපය තුළදී අපේ රටේ මිනිසුන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන් බව විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කරලා තියෙනවා. ඇය කියන්නේ ආර්ථික ප්‍රශ්න, මානසික ප්‍රශ්න නිසා හැමෝම හෙම්බත්වෙලා සිටින බවයි. සල්ලි නැති නිසා මිනිස්සු දුකට පත් වෙලා. ලෙඩ රෝග නිසා අසරණ වෙලා. වසංගතේ නිසා රටට අවශ්‍යම මිනිසුන් ජීවිත හැර ගිහින්. ඒ හැර ගිය සියලු දෙනාමත් ශ්‍රී ලාංකිකයන් නිසා ඇයට එය දරා ගැනීමට නොහැකි තත්ත්වයක පත් වෙලා. ජීවිතය හැර ගියාට කමක් නෑ. ඔවුන්ට අවසානයේ ගෞරවාන්විත විදිහට අවසන් ගෞරව දක්වන්න නොලැබුණ නිසා ඇය සෑහෙන කම්පනයකින් ඉඳලා තියෙන්නේ.
මේ වසරේ ඉඳන් ඇයට සැනසිල්ලක් ලැබිලා තියෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. ඇය වසර 7ක්, 8ක් තිස්සේ පෙළෙන රෝගී තත්ත්වයක් නිසා දරුණු ලෙස පීඩා විඳලා තියෙනවා. ඒ වෙනුවෙන් ඇය නොකළ බෙහෙතක්, හේතක් නැති තරම්. ඒ නිසාම ඇය වෙනත් ක්‍රමවේදයන් ද රැසක් අනුගමනය කරලා තියෙනවා. ඒ අතර දෙවියන් වහන්සේව විශ්වාස කරලා කළ යාච්ඤාවෙන් ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා කියලා ආරංචියි. තම රෝගී තත්ත්වය සුව වීමත්, දෙවියන් වහන්සේ විශ්වාස කිරීමත් නිසා ඇය මේ වසරේ සිට කතෝලික බැතිමතියක් වුණා කියලා මුහුණු පොතේ සටහනක් තබා තිබුණා. මෙය දැනගත් කලාකරුවන් හා ඇගේ හිතවතුන් ඇයට සුබ පැතුවේ ලබන වසරේ සිට නත්තල් සැමරීමට ලොකු උත්සවයක් ගන්නා ලෙසට ද ආරාධනා කරමින්.