‘මාරම්බරී’ යළි රට වටා

ජනවාරි 12, 2023

මෙරට ඒක පුද්ගල ගීත ප්‍රසංග කලාවේ සුවිශේෂී අනන්‍යතාවක් තහවුරු කර ගත් විශාරද එඩ්වඩ් ජයකොඩි ගේ ‘මාරම්බරී’ ගීත ප්‍රසංගය යළි රට වටා ගමන ආරම්භ කරයි. මෙම වසරේ මුල්ම ප්‍රසංගය ජනවාරි මස 18 වැනි දින අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවැත්වේ.

එළැඹෙන අපේ‍්‍රල් මාසයේ 02 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම ප්‍රසංගය වඩා වර්ණවත්ව පැවැත්වීමට ද මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටියි. ඒ සඳහා එඩ්වඩ් චරිතා සහ චන්දීප ජයකොඩි ද එක් වෙති.