ප්‍රියන්තගේ තෑග්ග

ජනවාරි 5, 2023

ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ අපට සිටින දක්ෂ නළුවෙක්. 2023 නව වසර සතුටින් සමරන්නට ඔහුට මෙදා සැරේ හැකි වී තිබුණා. පසුගිය අවුරුදු ගණනාවම එදාට දර්ශන තලයේ සිටි නිසා ඒ සතුට භුක්ති විඳීන්න නොහැකි වුණා. සිරිගේ දරුවන් දෙදෙනා ළගට කරගෙන ඔහුට පින්තූරයක් ගැනීමට 2023 ලබන විටම පුළුවන් වුණා කියලයි ආරංචි වුණේ. ඒ ආරංචිය හැමෝටම දැනගන්න සිරි කුමාරගේ වැඩිමහල් දියණිය පවුලේ සියලු දෙනාම එක් කොට සෙල්ෆි ඡායාරූපයක් රැගෙන සුභ පැතුම් අතරට එක් කරලා තිබුණා. සිරි හැමදාම කියනවා වගේ මගේ පණටත් වැඩිය මම මගේ දරුවන් දෙදෙනාට ආදරෙයි කියලා තමයි මේ සෙල්ෆි ඡායාරූපවලින් පෙනෙන්නේ.