වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
එයාටත් ඩිප්‍රෙෂන්

චිත්‍රපට අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප් ඔහුගේ නවතම ප්‍රේමණීය චිත්‍රපටය Almost Pyaar With Dj Mohabbat තිරගත කිරීමට සූදානමින් සිටින්නේය. ආලාය එෆ් සහ කකරන් මෙහ්තා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය මරකෙච් චිත්‍රපට උලෙළේදී සිදු කිරීමට නියමිතව ඇත. අනුරාග් ක්‍යප්ගේ ගුඩ් බෑඩ් ෆිල්ම්ස් සහ සී සිටුඩියෝස් වෙතින් නිෂ්පාදනය කරන එය ලබන වසරේ ජනවාරි මාසයේදී තිරගත කිරීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ පැවති සම්මුඛ සාකච්ඡාවකදි අනුරාග් ඔහු පසුගිය කාලයේ මුහුණ දුන් තත්ත්වය ගැනද පැහැදිලි කළේය.
ඔහු පවසා සිටියේ තමා සිය ජීවිතයේ අඳුරු යුගයක් පසු කළ බවයි. මේ හේතුවෙන් Almost Pyaar With Dj Mohabbat චිත්‍රපටය තිරගත කිරීමද කල් දැමූ අතර ඊචදඤචම නම් ඔහුගේ වෙබ් කතාමාලාවේ නිර්මාණ කටයුතුවලටද බලපෑමක් ඇති විය. එයට හේතුව ඔහු විශාදයෙන් පෙළීමයි. තවද හෘදයාබාධයක් සමඟ ද සටන් කළ ඔහු සුවය ලැබීමට සෞඛ්‍ය කඳවුරක පවා කාලය ගත කර ඇත. ඔහුට විශාදය ඇති වී තිබෙන්නේ සිය දියණිය හට ට්විටර් හරහා ඇය දූෂණය කරන බවට එල්ල වූ තර්ජනද සමඟිනි.