වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
කපූර් පවුලට ජීවය කැඳවූ රාහා

පසුගිය කාලයේ බොලිවුඩයේ වැඩි අවධානය දිනා ගත්තේ ආලියා භාත් සහ රන්බීර් කපූර්ය. සිය කුලුඳුල් දියණියගේ උපත සමඟ ඒ අවධානය තව තවත් වැඩි වන්නට විය. මේ වන විට ආලියා සහ රන්බීර් ඔවුන්ගේ බිළිඳු දියණිය හට 'රාහා' ලෙස නම් තබා ඇත. ඇයගේ පින්තූරයක් ආලියා විසින් ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කර සිටියේ බිළිඳීයගේ මිත්තණිය නීතු කපූර් විසින් රාහා නම යෝජනා කළ බව ද සඳහන් කරමිනි.
රාහා යන නමට සුන්දර තේරුම් රැසක් ඇති බවද ආලියා පවසන්නීය. එහි ස්වහිලි බසින් ප්‍රධානතම අරුත නම් 'උතුම් මාර්ගය' යන්න වේ. සංස්කෘත බසින් 'ප්‍රීතිය' වේ. බංග්ලා බසින් 'නිවී සැනසිල්ල' යන අරුත ගෙන දෙයි. අරාබි බසින් 'සාමය - සතුට' යන අරුත වේ. සිය දියණියගේ උපත වෙනුවෙන් ආලියා සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ මෙසේ සටහන් කළාය. " රාහා ඔබ අපේ පවුලට ජීවය කැඳවීම ගැන ස්තූතිවන්න වෙනවා. ඔබ සමඟ අපගේ ජීවිත අදින් ඇරඹුණු බව දැනෙනවා."