වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
කේක් නම් ඕම් ශාන්ති ඕම්

ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් නැවත වරක් 2023 ජනවාරි මස පතාන් චිත්‍රපටය සමඟ රිදී තිරයට පැමිණීමට නියමිතය. දෙදෙනා රඟ පෑ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටය පසුගියදා වසර 15 සම්පූර්ණ කළේ දීපිකාගේ රංගන දිවියටද පහළොස් වසර සපුරාලමිනි. මේ සමඟ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටය නැවත වරක් ඉන්දියාවේ ප්‍රධාන නගර විස්සක තිරගත කිරීමට නිෂ්පාදකවරුන් බලාපොරොත්තු වේ.
වසර 15කට පසුවද චිත්‍රපටයේ ආකර්ෂණය මැකී ගොස් නැත. ඒ බව සනිටුහන් කරමින් කේක් නිර්මාණකාරියක විසින් දීපිකා සහ ෂාරුක් පෙනී සිටින චිත්‍රපටයේ ප්‍රධාන දර්ශනයක් නිරූපණය කරමින් කේක් නිර්මාණයක් කර තිබෙන්නේ ලෝකයේ විශාලතම කේක් නිර්මාණ තරඟයට ඉදිපත් කිරීම වෙනුවෙනි. ටීනා ස්කොට් පරාෂාර් මෙම කේක් ආකෘතිය නිර්මාණය කර තිබෙන්නේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන්ගේ ජීවමාන ප්‍රමාණයේ කේක් අනුරූවක් ලෙසිනි.