වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
පුදුම කළ උපන්දින සාදය
දෙසැම්බර් 1, 2022

බන්දු සමරසිංහ, වීණා ජයකොඩි සහ අසේකා විජේවර්ධනගේ උපන් දින පසුගිය දිනෙක යෙදී තිබුණා. සිනෙස්ටාර් පදනම විසින් මෙම තිදෙනාට විශේෂ උපන්දින සැමරුමක් ද සූදානම් කර තිබුණා. ඒ සඳහා කලාකරුවන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියා. විශේෂ උත්සවයක් සඳහා මොවුන් තිදෙනාම පැමිණ සිටියත් නොසිතූ විරූ ලෙස ඔවුන් තිදෙනාම පුදුම කරන්නට සිනෙස්ටාර් පදනම සමත් වුණා. මෙවැනි ආයතනයකින් ජීවිතයේ කිසි දිනෙක මෙවැනි පුදුම කිරීමක් ඔවුන් තිදෙනාටම නොලැබී තිබුණු නිසා ඔවුන් තිදෙනා එය සංවිධානය කළ අයට පෙරළා විශේෂ ස්තුතිය පුද කරන්න ද අමතක කළේ නැහැ.