වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
ජන්මෙට වඩා ලොකු පුරුද්ද

චාමර ජනරාජ පීරිස් කියන්නේ අපට සිටින දක්ෂ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. චාමර අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය ජනප්‍රියත්වයට පත් වුණ එක රහසක් නෙවෙයි. ඔහු පාසැල් යන කාලයේ ඉඳලාම එක්තරා පුරුද්දක් තිබුණා. ඒ තමයි, සයිවර් කඩයකට ගිහිල්ලා තෝසේ සහ උළුඳු වඩේ කන එක. ඒ දවස්වල ඔහුට මේ සම්බන්ධව නම් තුන හතරක්ම පටබැඳී තිබුණා. පාසල් කාලයේ නිමාවන විට යහළුවන් කවුරුත් සිතුවේ චාමර මේ සයිවර් වැඩේ නිමා කරයි කියලා. එහෙත්, ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියලා කතාවක් තියෙන එක සනාථ කරමින් චාමරගේ පුරුද්ද නැවැත්වූයේ නැහැ. ඔහුගේ නවතම ටෙලි නාට්‍යය වූ “වීදුරු මල්” රූපගත කරන කාලයේ එක් දවසක හිටි හැටියේම චාමර අතුරුදන් වෙලා තියෙනවා. ඒ දහවල් කෑම පැයේ දී. ටී බෝයි දර්ශන තලය පුරාම සෙව්වත් අධ්‍යක්ෂකවරයා සොයා ගැනීමට නොහැකි වෙලා. අන්තිමට ඔහු සොයාගෙන තිබෙන්නේ සයිවර් කඩයක තෝසෙ සහ උළුඳු වඩේ කන මුහුණුපොතේ පළ කළ ඡායාරූපයකින්. ඒ වෙලාවේ තමයි සියලු දෙනා දැනගෙන තියෙන්නෙ මේ හොරෙන් ගිය ගමන කොහෙද කියලා.