පෙර පරපුරෙන් පැසසුම්

දෙසැම්බර් 1, 2022

 

‘සිල්වෙස්ටර් ආයෙත්’ වේදිකා නාට්‍ය මංගල දර්ශනය එල්ෆින්ස්ටන් රඟහලේ පසුගිය දින පැවැත්වුණා. එදින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ඩග්ලස් සිරිවර්ධන සහභාගී වීම එහි අධ්‍යක්ෂිකාවන් වූ මාදනී මල්වත්තට සහ තිළිණි පෙරේරාට සතුට ගෙන දෙන්නක් වුණා. නාට්‍යය අවසන් වීමෙන් පසු වේදිකාව මතට පිවිසි ධර්මසිරි බණ්ඩාරනායක සහ ඩග්ලස් සිරිවර්ධන කියා සිටියේ අපෙන් පසු පරම්පරාව හරිම දක්ෂයි, අද තරම් අපි දෙන්නා සතුටු වෙච්ච දවසක් මේ වේදිකාවේ තවත් නැති තරම් යනුවෙන්. අපෙන් පසු තවත් පරම්පරාවක් මේ බැටන් එක ගෙන යන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ යැයි ධර්මසිරි බණ්ඩාරනායකයන් පැවසුවා. මේ කතාව මාදිනීගේ සහ තිළිණිගේ සතුට දෝරේ ගලන්නට සමත් වුණා.