‘ලන්ඩන් කවි’ දොරට වඩී

දෙසැම්බර් 1, 2022

 

නීතිඥ කිවිවර අනුර හෑගොඩ සංස්කරණය කළ ලන්ඩන් කවි කවිසරණිය දොරටවැඩුම හෙට (2) සවස 03.00ට කොළඹ7, ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී අග්‍ර විනිශ්චකාර ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ. එහි මුඛ්‍ය දේශනය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවත්වන අතර නිශ්ශංක දිද්දෙණිය සමඟ මාදනී මල්වත්තගේ ගීත ගායනා කරනු ලබති. හිටිවන කවි එල්ලාවල ආනන්ද කුලතිලක, කඩවත තේජා ගම්මාන හා අරඹේ අනුර ශාන්ත ගායනා කරති. නර්තනය රවිබන්දු-සමන්තී රංග ශිල්ප ශාලිකාවෙනි. කථනය වජිර ජයවර්ධනගෙනි.