‘නවරසංගල්’ සංයුක්ත තැටිය එළිදකී

දෙසැම්බර් 1, 2022

 

රංගන ශිල්පි ඩිස්කෝ රාජාගේ වසර තිස්පහක කලා දිවිය අලළා සැකසූ නව රසංගල් නර්තන සංයුක්ත තැටිය පසුගියදා එළිදුටුවේය. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වීර මයිලන් ශ්‍රවණාගාරයේදිය. ඒ සඳහා කලාකරුවන් ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ. එහි රූපරචනය කරන ලද්දේ නන්ද කුමාර විසිනි.