චිත්‍රපට නිෂ්පාදක උපාලි සෙනරත් මියයයි

දෙසැම්බර් 1, 2022

 

1980 දී තිරගත වූ පතිරාජ එල්.එස්.දයානන්ද අධ්‍යක්ෂණය කළ සිංහබාහු චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා වූ, කොළඹ ප්‍රේමදාස ජුවලර්ස් අධිපති උපාලි සෙනරත් මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූයේය.කලාකරුවන්ගේ හිතවතකු වූ ඒ මහතා කොළඹ ආනන්දයේ ආදි සිසුවෙකි. සිංහබාහු චිත්‍රපටය ඔස්සේ ප්‍රවීණ රූපණවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි කලකට පසුව යළිත් කලා ලොවට හඳුන්වාදීමට ජෝ අබේවික්‍රම සමඟ උපාලිත් දායක වූයේය. ඔහු විවාහ වූයේ කරුණාරත්න අබේසේකරයන්ගේ නැගණිය සුජාතා අබේසේකර සමඟිනි. උපාලිගේ ඉල්ලීම පරිදි ඔහුගේ අවසන් කටයුතු අප්‍රසිද්ධියේ පසුගිදා කොළඹ කනත්තේදී සිදුකෙරිණ.