වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
පිළියන්දල මැදි විදුහලේ ආදි සිසු කලාකරුවෝ 04 දා නැවත පාසල් යති
පිළියන්දල මැදි විදුහල් කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මඟින් පවත්වනු ලබන Back to school 2022 සුහද හමුව දෙසැම්බර් මස 04 වෙනි ඉරිදා දවස පුරා පාසලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Netball, Volleyball, Basketball, පිහිනුම් ඉසව් සහ ක්‍රිකට් තරගාවලියක් ඇතුළුව වීදි නාට්‍ය සහ සුමියුරු සංගීතය සමඟින් තවත් විශේෂාංග රාශියකින් සමන්විත වේ.
පිළියන්දල මැදි විදුහලේ ආදි සිසුන් වූ දක්ෂ ජනප්‍රිය සිනමා හා ටෙලි තරු වන ධර්මප්‍රිය ඩයස්, පුබුදු ගමගේ, කලණ ගුණසේකර, කෝකිල පවන්, බියංකා ද සිල්වා, මනීෂා ශ්‍යාමලී, නයනාංජලී දෙහිපිටිය සහ පිළියන්දල මැදි විදුහලෙන් ශිල්ප ලැබූ විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දැක්වූ ආදි සිසු සිසුවියන් ද, පාසලන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයන් ද එදිනට සහභාගී වීමට නියමිතය.
මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ සාමාජික සංඛ්‍යාව ඉහළ නංවා ගනිමින් තම පාසලේ සංවර්ධනය උදෙසා දායක වීමයි.
එදිනට හැකිනම් පමණක් පාසල් නිල ඇඳුමින් සැරසී හෝ නැතිනම් පාසලට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය හැකිබව පිළියන්දල මැදි විදුහල් කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සියලුම ආදි සිසු සිසුවියන්ට කාරුණිකව දන්නවා සිටී..
පිළියන්දල මැදි විදුහල් ආදි සිසු සිසුවියනි....
එන්න පාසලට නැවතත් ...
ඔබේ සිනහව... සතුට ආදරය සමඟින් .....
ඒ පිළියන්දල මැදි විදුහල් කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ආදරණීය ආරාධනාවයි.️