වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
රුක්මණී දේවි වෙනුවෙන් පොත් පරිත්‍යාගයක්

මීගමුවේ රුක්මණී දේවි කෞතුකාගාරයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් දෙසැම්බර් මස 03 වෙනිදා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ පොත් පරිත්‍යාග කරනු ලබන්නේ රුක්මණි දේවි අනුස්මරණ සංගමයේ නිර්මාතෘ මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් විසිනි. ටවර් හෝල් රඟහල අධ්‍යක්ෂ ආචාර්ය ඩී.එම්. දසනායක, නාට්‍ය ප්‍රවර්ධන හා වැඩසටහන් අධ්‍යක්ෂ චන්දන බණ්ඩාර, රුක්මණී දේවි රංග ශිල්ප කේන්ද්‍රයේ චන්දන විජේසිංහ ඇතුළු ආරාධිතයන් රැසක් මීට සහභාගි වීමට නියමිතය.
මෙම උත්සවයෙන් අනතුරුව රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ මංගලා පෙරේරා ප්‍රමුඛ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් රුක්මණී දේවි ගී රසවින්දන ප්‍රසංගය පැවැත්වේ. ටවර් රඟහල පදනම සහ රුක්මණී දේවි අනුස්මරණ සංගමය මෙය සංවිධානය කරනු ලබයි.