වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ජීවිතයේ කොටසක්

මේ වන විට රිදී තිරයේ ජනප්‍රිය නළු නිළියන් බොහොමයක් වෙබ් කතා මාලා ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙමින් සිටී. අභිෂේක් බච්චන්ද මේ අතර ජනප්‍රිය චරිතයකි. ඔහු පසුගියදා බ්‍රීත්: ඉන්ටූ ද ෂැඩෝස් නම් වෙබ් කතා මාලාවේ දෙවැනි අදියර සමඟ පැමිණියේය.
ඔහු එහි වෛද්‍ය අවිනාශ් සබ්‍රවාල් හෙවත් ජේ ලෙස කරන්නා වූ චරිතය ඉහල ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත.
පසුගියදා අභිෂේක් ඒ වෙනුවෙන් ඉන්ස්ටග්‍රම් හි කෘතවේදී සටහනක් තැබුවේය. “පසුගිය සිව්වසර තුළ ජේ සහ අවිනාශ් මගේ ජීවිතයේ කොටසක් විය. එය විශිෂ්ට හා අමතක නොවන ගමනක්. වෙහෙසකර, අභියෝගාත්මක නමුත් සුවිශේෂයි. හුස්ම ගන්නා සෙවණැලිවලට ඔබ දක්වන අසීමිත ආදරයට බොහොම ස්තුතියි” යනුවෙන් එහි සඳහන් විය. ඊට ප්‍රතිචාර වශයෙන්, අභිෂේක්ගේ පියා, අමිතාබ් බච්චන් පැවසුවේ, “ඔබ දක්ෂයි, ජය වේවා” යනුවෙනි.
අපරාධ කතාපුවතක් ගෙන එන ත්‍රාසජනක කතාමාලාවක් වන බ්‍රීත්: ඉන්ටූ ද ෂැඩෝස් හි අභිෂේක් සමඟ අමිත් සාධ්, නිත්‍යා මෙනන්, සයියාම් ඛේර්, රිෂිකේෂ් ජෝෂි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.