නීති කඩන්නිය

නොවැම්බර් 24, 2022

 

සුෂ්මිතා සෙන් බොලිවුඩයේ කැපී පෙනන නමක් දිනූ නිළියකි. විශ්ව රූ රැජන කිරුළ පැලදීමෙන් පසු ඇය බොලිවුඩයට එක් වූවාය. ඇයගේ කුලුඳුල් රංගනය දැක්වූයේ දස්තක් (1996) චිත්‍රපටයෙනි. බිවී නම්බර් වන් (1999) හාස්‍ය චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම සහය නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනාගත්තාය. අන්කේන් (2002), මේන් හූන් නා (2004), මේන් ප්‍යාර් ක්යූන් කියා (2005) ඇයගේ රංගනයෙන් හැඩ වූ වාණිජමය සාර්ථක චිත්‍රපට කිහිපයකි.

විවිධාකර චරිත නිරූපණයන් සමඟ සුෂ්මිතාගේ නම බොලිවුඩයේ කැපී පෙනෙන්නේ සම්ප්‍රදායට අභියෝග කළ ශක්තිමත් හිතක් ඇති නීති කඩකරන්නියක ලෙසිනි. ඇය විශ්ව රූ රැජන කිරුළ දිනූයේ වයස අවුරුසු 18ක් වූ විටය. සිනමාවට පිවිසියේ වයස අවුරුදු 21දීය. අවිවාහක ඇය දියණියක හදාවඩා ගැනීමට ගත්තේ වයස අවුරුදු 24දීය. 47 හැවිරිදි ඇය මේ වන විට දියණියන් දෙදෙනෙකු හට මවක වී සිටින්නීය. 2015 වසරේ නිර්භාක් චිත්‍රපටයෙන් පසු ඇය රිදී තිරයේ දැකගත හැකි නොහැකි වූවත් 2020 වසරේ සිට ආර්යා වෙබ් කතා මාලාව ඔස්සේ සුවිශේෂ රංගනයන් ඉදිරිපත් කළාය. නුදුරේදී ඇය තවත් වෙබ් කතා මාලාවක් ඔස්සේ සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරික ලෙස ඔබ හමුවට පැමිණීමට නියමිතව ඇත.