තවමත් බැට් කරනවා

නොවැම්බර් 24, 2022

ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දුගේ නවතම සිනමා පටය “මේක පුදුම කතාවක්”. මේ වන විට චිත්‍රපට 75ක් නිෂ්පාදනයට ඔහු දායක වී ඇත. එමෙන්ම ඔහු සිනමාපටයෙන් සිනමාපටයට අලුත් නළු නිළියන් රැසක් හඳුන්වාදී තිබේ. මේ අපූරු කතාවත් ඒ හා සම්බන්ධය. “මොනර දැල” සිනමාපටයේ විශේෂ දැක්මකදී ඔහුගේ නවතම සිනමාපටයට හඳුන්වා දුන් සුරූපී තරුණිය ද පැමිණ සිටි පිරිසට ඔහු හඳුන්වා දුන්නේය. ඒත්, ඇතැම්හු එයට හාත්පසින්ම වෙනස් කතාවක් සුනිල් ටී.ට කියන්නට වූහ. කවුරු මොනවා කිව්වත් කලා ක්ෂේත්‍රයට නවකයන් හඳුන්වාදීමේදී වැඩිම නිළියන් සංඛ්‍යාවක් ගෙන ඒමේ සම්මානයත් ඔහුට හිමි වේ. එදා සිටි ජනප්‍රිය කිරුළට හිමිකම දැරූ නළුවන් ⁣බොහොමයක් අද වන විට දැවී ගියත් තවම බැට් කරන එකම පිතිකරුවා වන්නේද ඔහුය.