වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
කලා ලංකා පදනමෙන් සංගීත සංදර්ශනයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී හි කලා ලංකා පදනම මඟින් සංගීත සංදර්ශනයක් පසුගියදා සංවිධානය කෙරිණි. මෙය එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන යන ප්‍රවීණ ගායකයන්ට උපහාර පිණිස පැවැත්වූවකි. මෙම ප්‍රසංගයට ශී‍්‍ර ලංකාවේ නියෝජ්‍ය තානාපති රොහාන් අඹගොල්ල මහතා ප්‍රධාන ආරාධිතයා විය. මෙයින් උපයන ආදායම ශ්‍රී ලංකාවේ කලා ව්‍යාපෘති සඳහා යොදවන බව කලා ලංකා පදනමේ නිර්මාතෘ උපාලි පෙරේරා මහතා පැවසීය. මීට පෙරද මෙම පදනම මඟින් ලාංකේය දරුවන්ට පාසැල් උපකරණ, රෝහල් සදහා උපකරණ ඇතුළු තවත් ව්‍යාපෘතිය ගණනාවක් සිදු කොට ඇත. මෙම ව්‍යාපෘතිය සදහා වොෂින්ටන් ඩී.සී හි පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය නොමසුරුව ලැබෙන බව උපාලි පෙරේරා මහතා පැවසීය.