වසන්ත ජයවර්ධනගෙන් සිසු සිසුවියන්ට මූල්‍ය පරිත්‍යාග

නොවැම්බර් 24, 2022

ටෙලිනාට්‍ය නිෂ්පාදක, ‘ඔසුර’ සමාජ සත්කාර පදනමේ සභාපති ආචාර්ය වසන්ත ජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව වාර්ෂිකව සිදු කරනු ලබන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට, එක් එක් විෂය ධාර මඟින් විශිෂ්ට දක්ෂතා දක්වමින් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන හිමි කරගත් දරුවන් ඇගැයීම මෙවරත් සිදු කෙරිණි. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට ගණිත, කලා, වාණිජ, ඉංජිනේරු, ජීව විද්‍යාව හා තාක්ෂණවේදය යන විෂය ධාරා මඟින් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථාන හිමිකරගත් දරුවන් හය දෙනා හට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ශක්තියක් වීම සඳහා ඔහු විසින් මූල්‍ය පරිත්‍යාග සිදු කරන ලදී.