වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
සාර්ථක අවුරුදු 15ක්

දිගු කලක් යම් ක්ෂේත්රයක රැඳී සිටීම අභියෝගයකි. සිනමා ක්ෂේත්රයේ තරු නැඟ ඒම මෙන්ම බැස යාමද සාමාන්‍ය දෙයකි. නමුත් එහි දිගු කලක් රැඳී සිටීම විශේෂ ජයග්‍රහණයකි. බොලිවුඩයේ සිනමා පවුල්වලින් බැහැරව ඉහළ ජනප්‍රියත්වයක් ලද සාර්ථක තරු සිටින්නේ අතළොස්සකි. ඉහළම මුදලක් අය කරන නිළියක ලෙසින් අති සාර්ථක වූ දීපිකා පදුකෝන් අයත් වන්නේ එම අතළොස්ස අතරටය. මේ වන විට ඇය ක්ෂේත්රයට පැමිණ වසර 15ක් සම්පූර්ණ කර අවසන්ය.
දීපිකා සිය කුලුඳුල් රංගනය ඉදිරිපත් කළේ බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් සමඟින් ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයෙනි. එතැන් පටන් ඇය සිය රංගනයන් සඳහා බොහෝ රසික ඇගයීම් සහ විචාරක පැසසුම් ලැබුවාය. පද්මාවත් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ජීවිත තර්ජනවලට පවා මුහුණ දුන්නාය.
දීපිකාගේ මෙම ජයග්රාහි පහළොස් වසර වෙනුවෙන් සුබ පැතූ අය අතරේ විශේෂ පුද්ගලයෙකු විය. ඔහු අන්කිසිවෙකුත් නොව කිං ඛාන් විය. "ඔබ සමඟ අපූරු රංගනයක යෙදුණු අපූරු වසරවලට" යනුවෙන් ෂාරුක් ඇය වෙනුවෙන් සුබ පැතුවේය. ඔවුන් එකට රංගනයෙන් දායක වූ චෙන්නායි එක්ස්ප්‍රස්, බිල්ලු සහ සීරෝ චිත්‍රපට හතරේ ඡායාරූප සමඟ ඔහු මෙසේ ලිවීය, “අවුරුදු 15 ක විශිෂ්ටත්වයට... නොපසුබට උත්සාහයට... ඔබ සමඟ කළ විස්මිත රංගනයන් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්! මීළඟට ඇය දැක ගැනීමට ලැබෙන්නේද ෂාරුක් ඛාන් සහ ජෝන් ඒබ්‍රහම් සමඟින් සිද්ධාර්ත් ආනන්ද්ගේ පතාන් චිත්‍රපටයෙනි. එය ලබන වසරේ ජනවාරි 25 වැනිදා තිරගත වීමට නියමිතව ඇත.