වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
අලුත් ගමන

ආයුෂ්මාන් කුරානා මේ වන විට බොලිවුඩයේ සිටින දක්ෂ නළුවන්ගෙන් කෙනෙකු බවට පත් වී සිටී. ජාතික සම්මානලාභී නළුවකු ලෙසින් ඔහු බොලිවුඩයේ චිත්‍රපට තේරීම් සහ විශිෂ්ට රංගනයන් සමඟින් තමාටම ස්ථානයක් හිමි කර ගනිමින් වැඩි ඉල්ලූමක් සහිත නළුවකු ලෙස නමක් දිනා ඇත. සමාජ කාරණා මෙන්ම හාස්‍ය මුසු රංගනයන් ගෙන්ද රසික හදවත් දිනූ ඔහු දැන් ඔහුගේ වෘත්තීය ජීවිතයේ වෙනස් මාවතක ගමන් කිරීමට සූදානම් වී සිටී. ඒ ක්‍රියාදාම වීරයෙකු ලෙසිනි.
"මගේ සිනමා ජීවිතයේ ක්‍රියාදාම වීරයෙක් යනු සුවිශාල වෙනසක්. එහි කිසිදු පණිවිඩයක් නැහැ. තිබෙන්නේ ත්‍රාසයක්. සබැවින්ම එය රෝලර් කෝස්ටර් සවාරියක්" ආයුෂ්මාන් පැවසීය. ඔහු සිය නවතම චිත්‍රපටය ගැන ද මෙසේ විස්තර කළේය. "මෙම චිත්‍රපටය කියන්නේ සාමාන්‍ය තත්වයක සිටින අසාමාන්‍ය මිනිසෙක් ගැනයි. පළිගැනීමේ හැඟීම් සාමාන්‍ය දෙයක්. නමුත් සුපිරි තරුවක් එවැනි සාමාන්‍ය තත්වයකට පත්වුවහොත්, ඔහු එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න එහි කතාව ගෙන එනවා".