වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
32 වැනි සිනමා කතිකාව හෙට

ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජනමාධ්‍ය පර්යේෂණ අංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සංවිධානය කරන විශ්ව සාහිත්‍ය සිනමා දැක්ම, සිනමා කතිකාව 32 වැනි අදියර වෙනුවෙන් බොලිවුඩ් සුපිරි තරු අමීර් ඛාන්, රාණි මුඛර්ජි, කරීනා කපූර් රංගනයෙන් දායක වන ‘තලාෂ්’ චිත්‍රපටය හෙට (18) ප.ව. 1.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී ප්‍රදර්ශනය කෙරේ. එදින සිනමා කතිකාව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හර්ෂ බී. අබේකෝන් සහ සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ අරුණි මුතුමලී මෙහෙයවනු ලබති. ඒ සඳහා සහභාගී වීම සඳහා ජනමාධ්‍යවේදීන් හා විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සැමට සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.
- නිශ්ශංක විජේරත්න