වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
‘රුහිරේ’ අද සිට

නජිනි දික්ඕවිටගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘රුහිරේ’ අද (17) සිට තිරගත කෙරේ. අසම්මත ආදර කතාවක අතරමං වූ සැමියකු හා ඔහුගේ බිරිඳ වටා ගෙතුණු කුතුහලය පිරි කතා තේමාවකින් මෙය සමන්විතය.
‘රුහිරේ’ රංගනයෙන් රොෂාන් රණවන, පබෝධා සංදීපනී, විශ්ව ලංකා, ලලිත් ජයසිංහ, නිලුපුල් ලියනගේ, ජෝන් අරවින්ද, මලිති නානායක්කාර, දයානන්ද හේවගේ, මංජුල කෝනාර ඇතුළු නළු නිළියන් රැසක් දායකව ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් කපිල සුගත් විජේරත්න සමඟින් මහේෂ් රුවන් පතිරණ ද කැමරා සහයෙන් තුෂාර දමිත්, අංග රචනයෙන් සහ කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් ශානක රණසිංහ, ඇඳුම් නිර්මාණයෙන් ශලින සිල්වා, කලා අධ්‍යක්ෂණයෙන් නිලුපුල් ලියනගේ, කලා අධ්‍යක්ෂණ සහයෙන් ජෝන් අරවින්ද, චමෝද් ප්‍රියන්ත, ශානක සත්‍යජිත්, සමීර ගමගේ, නිෂ්පාදන කළමනාකරණයෙන් රවින් මංජිත, දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණයෙන් නිරෝද වෙරංග, සංස්කරණයෙන් ඉන්දික තුෂාර, පසුබිම් සංගීතයෙන් භාතිය ජයකොඩි, ගීත ගායනයෙන් සන්තුෂ් වීරමන් සමඟින් අශාන්ති ද අල්විස්, සංගීත සංයෝජනයෙන් චමිත කුරේ සහය වී ඇති “රුහිරේ” ගුත්තිල ෆිල්ම්ස් වෙනුවෙන් යූ.ඒ. පල්ලිගුරුගේ නිෂ්පාදනයෙකි. ඊ.ඒ.පී. චිත්‍රපට මණ්ඩලයේ බෙදාහැරීමකි.