වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
‘මාරියා’ වාර්තාවක් තබමින් හොඳම නළුවන් හතකට අන්තර්ජාතික සම්මාන

6 වැනි වරටත් පවත්වනු ලැබූ වියට්නාමයේ හැනොයි අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටයට අන්තර්ජාතික ජයග්‍රහණයක් හිමි විය. එම චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් නළුවන් හත් දෙනකුට ‘හොඳම නළුවා’ සම්මානය හිමි වීම එහි විශේෂත්වයකි. මාරියා සිනමාපටයට රංගනයෙන් දායක වන හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන රංගන ශිල්පීහු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
හැනෝයි අන්තර්ජාතික චිත්‍රපට උලෙළ සඳහා මෙවර රටවල් 50 ක් නියෝජනය කරමින් චිත්‍රපට එකසිය විසි තුනක් ඉදිරිපත් කර තිබේ.
‘මාරියා’ චිත්‍රපටය මීට පෙරද අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ සඳහා සුදුසුකම් ලබා තිබිණි.