වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
පෙරළා සුබ පතමි

‘කසාන්’ සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ සහාය නළුවා වූයේ කුමාර සහ සරත්ය. ඇමෙරිකාවට යන්නට බැරි වුණත් ශ්‍රී ලංකාවෙ තැන තැන ඔවුන්ට සම්මාන පිදීමක් මේ දිනවල සිදු වේ. මෑත ඉතිහාසයේ ඔවුන් දෙදෙනා ලබපු හොඳම සම්මානය ද මෙයයි. සරත්ගේ හා කුමාරගේ කතාවල හැමදාම කියැවුණේ කැපකිරීම් කළොත් හොඳ තැනකට එන්න පුළුවන් කියලයි. ඒ කැපකිරීමට අගයක් එකතු කිරීමට ටෙලිනාට්‍ය නිෂ්පාදක වසන්ත සේනානායකට පසුගියදා වුවමනා විය. කලාකරුවන් වෙනුවෙන් හැමදාම කැප වී සිටින පුද්ගලයෙක් ලෙස කලා ක්ෂේත්රය පුරාම කතා බහට ලක් වන්නේ වසන්ත සේනානායකයි. මේ සොඳුරු මොහොත පසුගියදා උදා විය. ඒ කලාකරුවන් වෙනුවෙන් පැවති සම්මාන උළෙලකදී වසන්තගේ අතින් ඔවුන් දෙදෙනාට අදාළ ඇගයීම පිරිනැමීය. සතුටු කඳුළු පුරවාගත් සරත් සහ කුමාර වසන්තට පෙරළා සුබ පතන්නට ද අමතක කළේ නැත.