වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
නින්ද යන්නෙ ඇයි?

ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකු වන අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා පසුගිය දිනෙක සිනමා පටයක මංගල දර්ශනයට සහභාගී වුණා. එදින කලාකරුවන් රැසක් සිනමා පටය නැරඹීමට පැමිණීමත්, මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් එම අවස්ථාව ආවරණය කිරීමත් දැකගන්නට ලැබුණා. අනුරාධාටත් ශලනිටත් තියෙන ආදරේ නිසාම ඡායාරූප ශිල්පීන්ගේ කැමරා ඔවුන් දෙදෙනාට යොමු වුණා. අනුරාධා කිහිප වතාවක් ඡායාරූප ගැනීමට මැළිකමක් දැක්වූවා. ඒකට හේතුව කුමක්ද කියා කිසිවකුටත් හිතාගැනීමට බැරි වුණා. වෙනදා ඡායාරූප ශිල්පීන්ට ඔවුන් දෙදෙනාගේ පින්තූර තුනක් නැත්නම් දෙකක් ගන්නවා වෙනුවට එදා පින්තූර විසිපහක් තිහක් විතර ගැනීමට සිදුවුණා. හේතුව හොයල බලන විට දැනගන්න ලැබුණේ අනුරාධාට ඡායාරූප ගැනීමේදී ඇස්පිය වීමලු. එදා ඔවුන් මූණ දුන්න අවස්ථාව කැමරාවල සටහන් වී තිබුණේ මේ විදිහට. දැන් හැමවිටම අනුරාධා උත්සාහ කරන්නේ ඡායාරූප ගැනීමේදී ඇස් පියවා ගන්නේ නැතුව ඉඳීමටලු. ඒ කතාව ඇහුව ශලනි කොක් හඬලා සිනාසුණේ සියලු දෙනාම මවිතයට පත් කරමින්.