මහත් වෙන්න හේතුව

නොවැම්බර් 10, 2022

වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයම ස්පර්ශ කරමින් රසික ප්‍රසාදයට පත් රංගන ශිල්පියෙකි ගිහාන් ප්‍රනාන්දු. පසුගිය දිනක ගිහාන් ප්‍රනාන්දු ඇගේ බිරිඳත් සමඟ සිනමාපටයක මංගල දර්ශනයට සහභාගී වුණා. එතැන හිටිය හැමෝම ගිහාන්ට විහිළු කළේ දැන් හරහාට උස යන්න පටන් ඇරගෙන කියලයි. මොකද ඉතිං කොතැනට ආවත් ගිහාන් කන එක නං නවත්තන්නෙ නෑනේ. ගිහාන්ගේ වැඩේම හැමදාම කන එකනෙ කියමින් සියලු දෙනාම බිරිඳට කියන්නට වුණා. එයට ප්‍රතිචාර දක්වමින් ගිහාන් කීවේ මගේ බිරිඳම තමයි මට හොඳට කන්න කියලා හැමදාම කවන්නෙත් කන්න දෙන්නෙත් ඕනම දෙයක්. වෙන මොකකටවත් නෙවෙයි මං මේ මහත් වෙන්නෙ මගේ බිරිඳ මාව සතුටින් තියන හින්දයි. ගිහාන්ට විහිළු කරපු සියලු දෙනාටම පිළිතුරු ලැබුණේ මේ විදිහටයි. සතුටේ රහස දැනගන්න නම් මගේ බිරිඳත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න කියමින් ගිහාන් අන් අය දෙස බලා සිනාසුණා.