සල්මන් ගැන ෂාරුක් ගෙන් වචන දෙකක්

නොවැම්බර් 10, 2022

පසුගිය නොවැම්බර් දෙවැනිදාට බොලිවුඩයේ කිං ඛාන්ගේ 57 වැනි උපන්දිනය යෙදී තිබුණි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි, මධ්‍යම රාත්‍රියේ සිටම ඔහුගේ මුම්බායි නිවස වටා රසික රසිකාවන් දහස් ගණනින් රැස් විය. ෂාරුක් ඛාන් තම රසික රසිකාවයන් මවිතයට පත් කළේ ඔහුගේ නිවෙසින් දෙවරක් පිටතට පැමිණ ඔවුන් හට ආචාර කිරීමෙනි.

මෙවර උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ඉදිරි චිත්‍රපටය වන පතාන් පූර්ව ප්‍රචාරක පටයද නිකුත් විය. ඔහු මෙසේ රීදි තිරයට පැමිණෙන්නේ වසර හතරක විරාමයකට පසුවය. මෙම චිත්‍රපටයේ සල්මන් ඛාන් ද ආරාධිත රංගනයකින් එක් වීමට නියමිතව ඇත. සල්මන් සහ ෂාරුක් හොඳ මිතුරන් බව කාටත් නොරහසකි. ඔවුන් දෙදෙනා බොහෝ විට එකිනෙකාගේ චිත්‍රපටවල විශේෂ චරිත නිරූපණය කරමින් නිර්මාණ වෙනුවෙන් සහයෝගය දක්වන අයුරු දක්නට ලැබේ. පසුගිය දිනෙක ෂාරුක් ඛාන් ට්විටර් වෙබ් අඩවියේ සජීව හමුවකට සහභාගි වූයේය. ඒ අතරතුර, රසිකයෙක් ඔහුගෙන් ඉල්ලා සිටියේ සල්මන් එක වචනයකින් විස්තර කරන ලෙසයි. ෂාරුක්ගේ පිළිතුරට වචන දෙකක් ඇතුළත් විය. පිළිතුර වූයේ "නියමයි සහ ඉතා කරුණාවන්තයි" යනුවෙනි.