වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
ජීවිතයේ හොඳම ප්‍රවෘත්තිය

බොලිවුඩයට යළිත් සුබ ආරංචියක් පැමිණියේය. ඒ ආලියා භාත් සහ රන්බීර් කපූර් මාපියන් බවට පත් වූ පුවතයි. පසුගිය ඉරිදා දහවල්, ආලියා භාත් සහ රන්බීර් කපූර් දියණියකගේ පියන් බවට පත් වූහ. ඔවුහු ඉන්ස්ටග්‍රම් ඔස්සේ සිය රසික රසිකාවන් සමඟ මෙම සුබ ආරංචිය බෙදා ගත්හ. සිංහයෙකු සහ සිංහ ධේනුවක සිය පැටවා සමඟ සිටින සිතුවමක් සමඟ සටහනක වූයේ "අපගේ ජීවිතයේ හොඳම ප්‍රවෘත්තිය. අපේ මැජික් දියණිය පැමිණියා" යනුවෙනි.
කපූර් පවුල සහ භාත් පවුල ආදරයෙන් පිරවූ මෙම පුවත සැලවීමෙන් අනතුරුව ප්‍රවීණ රංගන ශිල්පී රන්ධීර් කපූර් පවසා සිටියේ "ආලියා සහ රන්බීර් අපට අපමණ සතුටක් ගෙනාවා. ඔවුන් අපේ දරුවන්, අපි ඔවුන්ට ගොඩක් ආදරෙයි. ඔවුන්ට දියණියක ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. රන්බීර් සහ ආලියාට මගේ ආදරය හා ආශිර්වාදය. මගේ සහෝදරයා රිෂි කපූර් ස්වර්ගයේ සිට සතුටු විය යුතුයි" යනුවෙනි. අනුෂ්කා ෂර්මා, ප්‍රියංකා චොප්රා, කත්‍රිනා කයිෆ්, දීපිකා පදුකෝන්, අක්ෂේ කුමාර්, කරීනා කපූර් ඛාන් ඇතුළු ජනප්‍රිය තරු ආලියා සහ රන්බීර් හට සුබ පැතූහ. කරන් ජොහාර් නව දෙමාපියන්ට සුබ ප්‍රාර්ථනා කරමින් සිඟිති දියණිය වෙනුවෙන් ඔහුගේ ඉන්ස්ටග්‍රම් ගිණුමේ සුන්දර සටහනක් තැබීය. "මගේ හදවත ආදරයෙන් පිරී ඇත. ලොවට සාදරයෙන් පිළිගනිමින් ඔබ වෙනුවෙන් බොහෝ ආදරයෙන් බලා සිටිනවා. ඔබ මා ආඩම්බරකාර සීයා කෙනෙක් කළා." ආලියා භාත් රංගනයට පිවිසියේ කරන් ජොහාර්ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයෙනි.