තරුවක් නොවේ

නොවැම්බර් 10, 2022

රාධිකා ආප්තේ මෑතකදී රිදී තිරයේ දැකගත හැකි වූයේ වික්‍රම් වේධා හි රිතික් රෝෂන් සහ සයිෆ් අලි ඛාන් සමඟිනි. ඇය එහි නීතිඥවරියකගේ චරිතයට පණ පෙව්වාය. මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පවසා සිටියේ පසුගිය කාලයේ මුහුණ දුන් කොරෝනා වසංගතය අතරතුර වැඩ අඩු කළ යුතු බව අවබෝධ කර ගත් බවයි. මේ වන විට තමා පිටපත් රචනය හැදෑරීමට පටන් ගෙන ඇති බව ඇය පැවසුවාය.

රාධිකා නිර්මාණ රැසක් ඔස්සේ දැකගත හැකි වූ නිළියක නොවූවාය. එයට හේතු ලෙස ඇය පවසන්නේ නිරන්තරයෙන් වැඩ කරන විශාල යන්ත්‍රයක කොටසක් බවට පත්වීමට අවශ්‍ය නොවූ හෙයින් ප්‍රබෝධවත් කරන ආකාරයේ වැඩ කටයුතු වෙනුවෙන් පමණක් තම දායකත්වය ලබා දෙන බවයි. තවද තමා "තරුවක්" ලෙස හැසිරෙන්නේ නැති නිසා හින්දි චිත්‍රපටවල හොඳ චරිත සොයා ගැනීම අපහසු බවත් ඇය පවසයි. රාධිකා මීළඟට රාජ්කුමර් රාඕ, හුමා කුරේෂි සමඟ මොනිකා ඕ මයි ඩාර්ලිං චිත්‍රපටයේ පෙනී සිටීමට නියමිතය.