වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
උතුර ද? දකුණ ද?

වරුන් ධවාන් බොලිවුඩයට පිවිස මේ වන විට දස වසරක් සපුරා අවසන්. ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු ගත වූ කාලය පුරා චිත්‍රපට විස්සකට ආසන්න ප්‍රමාණයකට දායක වී ඇති අතර ඒවායින් සමහරක් බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය. බොලිවුඩයේ ජනප්‍රිය වරුන් සිය වෘත්තීය ජීවිතයේ විශේෂ පියවරක් තැබීමට සූදානමින් සිටී. එනම් දකුණු ඉන්දීය සිනමාවටද දායක වීමයි.
"ලෝගේෂ් කනගරාජ් මට චරිතයක් ඉදිරිපත් කළා නම් මම ඔහු සමඟ දෙමළ චිත්‍රපටයක් කිරීමට කැමතියි" වරෙක ඔහු පැවසීය. "අපේ ක්‍රිකට් කණ්ඩායම හැඳීන්වෙන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් ලෙසින්. නමුත් එහි උතුරේ ක්‍රීඩකයන් මෙන්ම දකුණේ ක්‍රීඩකයන්ද සිටිනවා. කණ්ඩායමේ සියලුම දෙනා හැඳීන්වෙන්නේ ඉන්දීය ජාතිකයන් ලෙසින්. මම හිතන්නේ අපි ඉන්දියානු චිත්‍රපට හොඳීන් නිර්මාණය කරනවා. උතුර දකුණ ලෙස වෙන් නොවී සිනමාවේදීත් අපි එකිනෙකා සමඟ වැඩ කිරීමට උත්සාහ කළ යුතුයි" වරුන් වැඩිදුරටත් පැවසීය.