වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
අභිෂේක විශේෂ දර්ශනය දා
නොවැම්බර් 10, 2022

ආචාර්ය ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ නවතම සිනමා නිර්මාණය ‘අභිෂේක’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය Colombo City Center දී පසුගියදා පැවැත්විණි.
එය පී.නිශාන්ත ජූඩ් මලිසා ඇන් නිෂ්පාදනයකි. නිෂ්පාදන කළමනාකරණය, ලසදා ජයවර්ධන, තිර රචනය අමිල සම්පත් පෙරේරා, කැමරා අධ්‍යක්ෂණය සජිත වීරප්පෙරුම ,කලා අධ්‍යක්ෂණය සුජිත් ලක්මාල් හා වේශ නිරූපණය තාරක අධිකාරිගෙනි.
රංගනයෙන් ජීවන් කුමාරතුංග, දුලානි අනුරාධා, නන්ද වික්‍රමගේ, ශ්‍රීමාලි ෆොන්සේකා, මිහිර සිරිතිලක, ආරියසේන ගමගේ, හර්ෂි රසංගා, නාමලී ෆොන්සේකා හා අභිෂේක එක්වෙති. මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි.